Monday, July 9, 2012

වැලිකඩ (ප්‍රිසන් හොස්පිට්ල්=PH)

කාලෙකට පස්සේ ආපහු ගෙදර ඉන්න හින්දා මොනාහරි ලියන්න හිතුනා. පරන දේවල් අමතක කරන්න බෑනේ, හැබැයි දැන් ඒවා ඒ විදිහටම මතක නෑ ඕන්.

ඔන්න ඉතින් බන්ධනාගාර බස් (රජයේ නොමිලේ ප්‍රවාහන ඒකකය) එකෙන් බැහැලා චෙක් කරන තැනට ආවා.අහ්හ් පොඩි දෙයක් මතක නැති වෙනවා තව පොඩ්ඩෙන්. උසාවියේ ඉදලා බස් එකට නගින්න ඉස්සෙල්ලා තාත්තගෙන් රු.200ක් ඉල්ලුව මං මොනාටහරි ඕන උනොත් කියලා.තාත්තා කිව්වා දුන්නට වැඩක් නෑ ඇතුලට යද්දි දන්න විදිහට ඔක්කොම චෙක් කරනවා ඒක හින්දා ගෙනියන්න එපා කියලා, මම විරයා වගේ කොහොමහරි ඉල්ලගත්තා, මදැයි බස් එකෙන් බෑහැලා ඉස්සරහට යනකොට පෝලිමට චෙකිං, චූ ගියේ නැතිටික විතරයි, දඩ බඩ ගාලා හංගං ගිය රු.200 බස් එකේ ජනේලෙන් විසික් කරා ඇතුලට.හොද වෙලාවට එකෙක් දැක්කේ නෑ.

ඔන්න ඉතින් සේරම චෙක් පොයිට් පහු කරගෙන පී. එච් එකේ දොර ලගට ආවා. මට යකා නැගලා, ඇයි ඉතින් මූනට හම්බුවෙන හැම එකාම අහනවා "ඇයි මල්ලි, මොකෝ උනේ / මොකද්ද කේස් එක" ඕක ලියලා පිටේ එල්ල ගත්තනම් හොදයි කියලා හිතුනා.

එතනට ආවා විතරයි ජේලර් එකෙක් මගේ නම ගම ඔක්කොම ලියාගෙන "කාමර පාටි" කියලා කෑ ගැහුවා මගේ "වෝඩ්" එකේ එකෙක්ට. මෙන්න එනවා 2,4 ෆොරක්. බැලින්නම් ඒ "වෝඩ්" එක බලා ගන්න එකාට තමයි "කාමර පාටි" කියලා කියන්නේ. ඒක තමයි උගේ ජොබ් එක, ජොබ් එක කිව්වට මිනිහව රජයෙන් පඩියක් දීලා අරගෙන නෙමේ, පොර අච්චු කරපු ( ඒ කිව්වේ තමන් කරපු වැරෑද්දකට උසාවියෙන් දඩුවම් විදින) පොරක්. පොරගේ හැසිරීම හොද හිංදා පොඩි "පෝස්ට්" කට්ටක් දීලා.ඔන්න වෝඩ් එක ඇතිලටත් ආවා. හවස 7ට විතර ඇති වෙලාව. දැන් කාමර පාටිගේ පිටින් මම යනවා, මට ඇදක් හම්බ උනා හොද වෙලාවට. ගිහින් ඇදේ වාඩි උනා. එහ මෙහා බලනවා දැන් මම. පී.එච් එකේ සිරිනරබනවා, අපේ නිකන් හොස්පිට්ල් එකක වාට්ටු වගෙම තමයි.ඇදවල් පෝලිමට දාලා තියෙනවා. ඉස්සරහම ටී වී එකක් තියනවා. එච්චර තමයි.පැය බාගයක් විතර දැන් ඉතින් මම ඇද උඩ, එක එක ඒවා මතක් වෙනවා. අම්මා තාත්තා අක්කා උදානි මේ අයට කොච්චර දුක ඇතිද? ඒ අය නැතුව මට කොච්චර පාලුද? නැති වෙච්ච ගැනු ලමයි දෙන්නගේ ගෙවල්වල අයට මොනා හිතෙන්න ඇතිද.

හ්ම්ම්ම් ඔන්න මගේ බෙඩ් එක එහා පැත්තේ ඉන්නවා ඩයල් එකක්. පොර ආවා මගේ ලගට. එර්ර්ර්ර්ර්ර් ආපහු පරන ස්ටෝරි එකමයි, "මල්ලි මොකෝ කේස් එක" ඔහොම වෝඩ් එකෙ ඉන්න 90%ක් වගේ ඇද වටේ සෙට් වෙලා විස්තර අහනවා. මමත් උන්ගෙන් විස්තර අහනවා. මිනී මරුවෝ, මංකොල්ල කාරයෝ, දූශකයෝ, හාමුදුරුවෙකුත් ඒ අතර, :ඩී . අර ග්‍රැන්ඩ්පාස් පංසලේ ආයුධ කේස් එකකට සැක පිට අත් අඩංගුවට අරගෙන තිබ්බේ අන්න ඒ හාමුදුරුවෝ. ටිකෙන් ටික ටිකෙන් ටික රෑ වේගෙන එනවා හොදටම.

 ම්ම් දැනට ඇති, ඊලග කොටස ලගදිම ලියන්නම්, මොකද මේ දවස් වල මම ගෙදර.

Monday, November 14, 2011

වැලිකඩ කතා ... පෙර සූදනම :ඩී

ඔන්න කාලෙකට පස්සේ කම්මැලිකමට මටත් මොනවහරි ලියන්න හිතුනා. මගේ අදුරු අතීතය ගැන කියවලා තිබ්බ අයට ඊලග කොටස දෙන්න යන්නේ,

මෙන්න මෙහෙමලු උනේ...

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ මම පොලීසියට ගියා, ඉතින් පොලීසියේ අයියලා ටික මගෙන් කට උත්තරයක් අරගෙන හෙට උසාවි දාන්නම් උසාවියට එන්න කිව්වා. ඉතින් හෙට කියන දවස ඇවිල්ලා මමයි ගෙදර අයයි උසාවි ගියා, අහ්හ් යන්න ඉස්සෙල්ලා දවසේ ඉන්න හොදම ලෝයර් අංකල්ව අල්ලලා තමයි ගියේ. යසිත නුවන් ද සිල්වා, දෙහිවල පොලීසිය , බී නයින්ටීන් කේස් එක කියල කියනවා ඇහුවා. මම දඩබඩ ගාලා ගිහින් විත්ති කූඩුවට නැග්ගා, අනාතයි ඉන්න ඕනේ ජජ් රුචිර වැලිවත්ත මහත්තයා නිවාඩු ගිහින්, ඇක්ටින් ජජ් කෙනෙක් නැගලා. රුචිර සර් එනකන් ඔක්කොම නඩු කල් දානවා, මටත් කිව්වේ නැත්ද දසව් 14ක් රිමාන්ඩ් කරන්න කියලා, කකුල් පන නැති උනා, අම්මගේ ඇස් දෙකේ කදුලු දැකලා මටත් ඇඩෙන්න ආවා. ලොයර් කිව්වා දැන් ඉතින් ඇපීල් එකක් දාලා වැඩේ කලින් කර ගන්න බලමු, ගෙදට ගිහින් අදින්න ඇදුම් අරන් එන්න කියලා තාත්තට, මට ජීවිතේ එපා උනා, හ්ම්ම් තාත්තා අරන් ආපු කොට කලිසම ගහගෙන. ඔන්න උසාවි ඉවරයි.

සිරකරුවෝද මනුෂ්යයෝය කියලත් තියනවනේ, ඔන්න කස්ටියම බන්ධනාගර බස් එකට දානවා පෝලිමට. මමත් ඉතින් පිටිපසෙන් යනවා, අන්තිමට බස් එකට නැග්ගේ මං, ගෙදර කට්ටිය මගේ යාලුවෝ කදුලු පුරෝගෙන බලං ඉන්නවා, හ්ම්ම්ම් කරලා තිබ්බ පව් වලට මොනා කරන්නද විදවනවා ඇරෙන්න. ඔන්න බස් එක යන්න පටන් ගත්තා. ගෙදර අය නොපෙනිලා යනකන් බලන් ඉදලා ඉස්සරහ බලා ගත්තා. මම අන්තිම සීට් එකේ හිටියේ, ඉස්සරහ ඩයක් එකක් ඉදගෙන යනවා, ඌට නිකන් ගෙදර වගේ. පොර මගේ පැත්ත හැරුනා, සිගරට් එකක් පත්තු කරගෙනම. බන්ධනාගාර නිලදාරියෝ පස්සේම ඉදගෙන ඉන්නවා, මූ ලෝඩ් පකීර් වගේ සිගා එක අදින ගමන් මගේන් " මල්ලි මොකෝ සීන් එක කියල ඇහුවා " මම " සිද්දිය කිව්වා" . මූ " අහ්හ් මල්ලි පොඩි කේස් එකක්නේ, මල්ලි මම වැඩිකර සී වාට්ටුවේ, මල්ලි යන්නේ පී එච් (ප්‍රිසන් හොස්පිටල්) නේ මොනාහරි අව්ලක් තියනවනම් පනිවිඩයක් එවන්න, මලි සිගරට් බොනවද කියල ඇහුවා " මටත් දෙයියෝ දුන්නා වගේ ගත්තා, මම වටපිට බලනකොට පොර කිව්වා බය වෙන්න එපා මල්ලි, මල්ලි ගහන්න මෙයාල මොනවත් කියන්නේ නැ කියලා.

ඉතින් ඒක ගහන ගමන් මම ඇහුවා අයියා මොකද්ද සීන් එක කියලා, මූ කියෆිය මල්ලි කුඩු සීන් එකක් මල්ලි කියලා :ඩී :ඔ. මම එතනින් එහා කතා කරේ නෑ, ඔන්න ඉතින් බන්ධනාගාරේට බස් එක ආවා, අයියත් බැස්සා, ආපහු යනවා පී එච් එකට. ඔන්න එතන්ට ආවා.ඔන්න ඉතින් මමත් බැහැ ගත්තා, මගේ කකුල ඩැමේජ් හිංදා මාව පොරක් (සැක-රිමන්ඩ් එකෙක් මම වගේම) අල්ලන් තමයි ගියේ. පිස්සු හැදෙනවා, නේවි එකෙන් තමයි ඇතුල රන් කරන්නේ, ෆට්ට චෙකින් යට ඇදුමේ ඉදලා බලනවා, ඔන්න ඉතින් චෙකින් ඔක්කොම පාස් කරලා මම බන්ධනාගර ඉස්පිරිතාලේ ඇතුලට ආවා.

(දිගටම ලිව්වෝත් කියවන අයට බෝරිං වෙයි නේ? ඒක හිංදා මෙතනින් නවත්ත්න්නම්) ( මතු සම්බන්දයි ආ)

Tuesday, April 12, 2011

එදා සහ අද

එදා, හ්ම්ම්ම්ම් අද වගේ දවසක,


අව්රුද්ද ඔයාලා සමරන්නේ කොහොමද? ගෙදර අම්ම තාත්තා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් වෙලා කොච්චර සතුටින්ද?














ඒත් මම,


අදවගේ දවසක තමයි ඇතුලට (වැලිකඩ) යන්න සිද්ද උනේ. මගේ රිය අනතුරේ ආබාද හින්ද යන්න උනේ රිමාන්ඩ් ස්පිරිතාලේට.  ජීවිතේ පලවෙනි පාරට, අදුරන එකෙක් නෑ, ඇද උඩ ඉන්න කොට එන හැගීම්...
විස්තර කරලා කියන්න අමාරුයි, කව්ද හිතුවේ අලුත් අව්රුද්ද මේක ඇතුලේ සමරන්න වෙයි කියලා. එක එක දේවල් හිතට එනවා,




ඊට ඉස්සෙල්ලා අව්රුද්දේ ඔක්කොම එකතු වෙලා ගෙවල් අස්පස් කරලා අව්රුද්දට ලැස්ති වෙච්ච හැටි, අම්මගේ අතින් කිරිබත් කෑල්ලක් කාපු හැටි, තාත්තගේ කකුල අල්ලලා වැදපු ඒවා, අක්ක අලුතින් අරන් දීපු ඇදුම් ඇන්ද හැටි, කොච්චර නම් සතුටින් සිංහල අව්රුද්ද සැමරුවද ඒවා මතකෙට එද්දි පිස්සු වගේ.


මට මං හැන වගේම තව දුකක් ආවා. ඒ අර නැති වෙච්ච ලමයින්ගේ ගෙවල් වලටත් මොන අව්රුදුද, තමන්ගේ දුව නැති වෙලා ඒ මිනිස්සු කොහොම අව්රුදු කන්නද? හැමදේම වෙන්නේ වෙලාව කියල හිත හදා ගන්නවා ඇරෙන්න කරන්න කිසිම දේයක් නෑ එදා, ඒ අතින් ඒ හිරකාරයෝ රත්තරන්, එක එකා ලගට ඇවිල්ලා හිත හදනවා, මොකද සමර උන්ට මේක නිකන් උගේ ගෙදර වගේ, "මල්ලි බය වෙන්න එපා මල්ලි, ඊලග පාර එලියේ බං. ඕවනම් මොනාද බං" ඒ කිපු ඒවයිම් පොඩ්ඩක් හරි හිත හදන් හිටියා, ඒත් ගෙදර මතක් වෙන එක පොඩ්ඩක් වත් නැවතුනේ නෑ, දවල් ගෙදර ඔක්කොම මාව බලන්න ආවහම මට කදුලු ආවා, 


හ්ම්ම් ඔන්න ඔහොමයි උනේ එදා (ගිය අව් රුද්දේ) අද වගේ දවසක.

Thursday, March 17, 2011

අදුරු අතීතය ( 2 කොටස )

"කොටා" මචන් කලබල වෙන්න එපා, උඹත් එක්ක ගිය ශ..., හසි..... (ගෑනු ලමයි ) (ඔෆීසියෙ මගෙ හොදම යාලුවො ) නෑති උනා බන්
"මම" අඩෝ සිරාද? වරෙන් යන් එහෙනම්
"නෑ නෑ උඹ ගියාට වෑඩක් නෑ, ශ... මුස්ලිම් හින්ද බොඩි එක ගෑනිච්චා, දවසින් කරන්න ඕනෙ හින්ද, අනිත් බොඩි එක තාම චෙක් කරනව


මට උන් හිටි තෑන් අමතක උනා, මම හින්ද නේද මගේ හොදම යාලුවො දෙන්නෙක් මට නෑති උනේ,අදත් මම කරපු වෑරෑද්දට මම දුක් විදිනවා, එ පොලීසියෙන් නෙමේ, මගෙ හිතින් මම  වෑරදි කාරයා, හ්ම්ම්...



මම මොකද කරන්නෙ දෑන්, මම මෑරුනත් ඒ ජීවිත ආපහු එයිද? මම ජීවත් වෙලා ඒ අයට පින් දෙනවද, මට මෙලෝ මගුලක් තෙරෙන්නෙ නෑ. ඒ අස්සෙ මම ඈවිදින්න බලනකොට මට ඈවිදින්නත් බෑ, කකුල ඩෑමෙජ් වෙලා, මට හිතුන මුන් දෙන්නත් මේ වගේ බේරුනානම් මොකද ඈයි මුන් දෙන්නව විතරක් නෑති උනේ, එක්කො ඒ එක්කම මාවත් ගියානම් ඉවරයිනෙ
(කියන්න මතක නෑති උනා, මත් එක්ක ගිය අනිත් ගල්ස්ලා 2න්න ICU එකෙ, කොල්ලො දෙන්න ශේප්) ( මේක ලියන මොහොත වෙනකොට ඒ අයටත් අව්ලක් නෑ දෑන්)


ඒ මදිවට ඔන්න ඈදේ ඉන්නකොට "කොටා" කියපි, මචන් යසියා පොලීසියෙන් එනව කට උත්තරේ ගන්න උඹ මොනවත් කියන්න යන්න එපා කියලා. මට මේ මෙලෝ රහක් නෑතුව ඉන්නවා. මූ මගුල් පොලීසියක් ගෑන කියවනවා. (ඒත් ඌ කියපු එක ගෑනත් බයක් ආවෙ නෑතුව නෙමේ. එතනින් එහා ස්පිරිතාලෙදි සිද්ධ වෙච්ච දේවල් කියන්න යන්නෙ නෑ, මොකද මගේ නඩුව තාම අහන හින්ද :ඩී)

හ්ම්ම් මම හොස්පිට්ල් එකෙන් යද්දි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. මට කරන්න දෑයක් ඉතුරු වෙලා නෑ, 


හ්ම් ඔන්න ඔහොමයි උනේ, සාමන්යෙන් ඔහොම දෙයක් උනාට පස්සේ ඊට පස්සේ කෙලින්ම යන්න ඕනෙ පොලීසියට ඒත් මම ගෙදර ගියේ ( කොහොමද කියල අහන්න එපා) . ගෙදර ගිහින් සති 2ක් විතර ගෙදරට වෙලා හිටියා, ඔෆිස් එකේ 3 දෙනෙක් ඈරෙන්න එකෙක් ආවෙ නෑ , ඔන්න යාලුවෝ, හෑබෑයි උන්ට තරහ යන එකත් සාධාරණයි එක පෑත්තකින්. මට උන් ආවත් එකයි නෑතත් එකයි, බොක්ක වගෙ හිටිය නුගෙගොඩ මම අශ්‍රය  කරන මගෙ යලුවො ටික මත් එක්කම හිටියා. ( ඩිලා, බාලේ, කොටා, ඔස්කා, රව්ෆ්, පබා, උදානි,ගයාන් මගෙ ලගින්ම ඉදලා මට උදව් කරපු සෙට් එක )


දෑන් තමයි ඔයගොල්ලට හොදම ටික කියන්න ගන්නෙ, "වෑලිකඩ ආතල්" මදක් ඉවසන්න.

අදුරු අතීතය !!!

හ්ම්ම් මතක් කරන්නවත් කෑමති නෑති දෙයක්, ඒ උනාට මතක් වෙනව,
(ඉස්සෙල්ලම කියන්න ඔනෙ මේක මම කියන 1ස්ට් මොකද්ද එක. එක හින්ද කියවන්න බෑරිම, චා නම් ප්‍රර්යිවට් එකෙ කියෆන් හොදේ)



මෙන්න මේකයි සිද්ධිය,  


ඔන්න එකොමත් එක රටක, හික්ස්, මෙ රටේ "මම" කියන පුද්ගලය ගියා ඔෆීසියෙ පාර්ටි එකකට, එදා තමයි දවස, කෙටියෙන් කියමුකො. පාටි එකෙන් එනව විතරයි මතක. ඈහෙරෙනකොට හිටියෙ කලුබොවිල හොස්පිටල් එකේ දෑඩි සත්කාර එකකයේ.

හ්ම්ම් හවස මාරු කරා නොර්ම්ල් වොඩ් එකකට, මම නිදි. ඈහෑරුනා. මගෙ හොදම ෆිට් එක (කොටා) මගෙ ලග. ඔන්න දෙබස
"මම" මචන් මොකො උනේ, මම මෙහෙ මොකො
"කොටා" යකො උඹ අර මගුලට හිගින් එද්දි කාර් එක හප්පිලා
"මම" මල (පීප්)..... මම නේද ඩ්‍රයිව් කරේ? කො කාර් එකේ ආපු අනිත් උන්?

"කොටා" උන් අව්ලක් නෑ
"මම" ඉතින් ප..(පීප්) කො උන්, කව්ද තව මාත් එක්ක ආවෙ?
"කොටා" (නම් ටික... කෙල්ලො 4 දෙනයි, කොල්ලො 3දෙනයි )
"මම" ම්ම් හරි


ඊට පස්සෙ කදුලක් වගේ ආව හින්ද ඈහෑ ලගට අත ගෙනිච්චාමයි තෙරුනෙ, ඈහෑ ලග ඉදල කන ලගටම මෑහුම් දාල මගෙ

ඒකත් කමක් නෑ කියමුකො, මට නින්ද ගියා, එලිවෙන ජාමෙ 2 ට විතර ඈහෙරුනා, ඒත් "කොටා" මගෙ ලග, ඌ මගෙ දිහා බලන් ඉන්නව, මම උගෙ දිහා බලන් ඉන්නවා, ඔහොම ඉන්නකොට ඌ එක පාරටම මගෙ අත හයියෙන් අල්ල ගත්තා. මම ඈහුව ඈයි කියලා,
"කොටා" මචන් දෙයක් කියන්නම්, උඹ කලබල වෙන්න එපා
"මම" කියපන් මොන හු........(පීප්) වෙලා තියෙන්නේ? (මොකක් හරි වෙලා තියෙනව කියල යන්තමින් වගේ තෙරුනා)


(මතු සම්බන්දයි )