Monday, November 14, 2011

වැලිකඩ කතා ... පෙර සූදනම :ඩී

ඔන්න කාලෙකට පස්සේ කම්මැලිකමට මටත් මොනවහරි ලියන්න හිතුනා. මගේ අදුරු අතීතය ගැන කියවලා තිබ්බ අයට ඊලග කොටස දෙන්න යන්නේ,

මෙන්න මෙහෙමලු උනේ...

ඔන්න ඉතින් සති දෙකකට පස්සේ මම පොලීසියට ගියා, ඉතින් පොලීසියේ අයියලා ටික මගෙන් කට උත්තරයක් අරගෙන හෙට උසාවි දාන්නම් උසාවියට එන්න කිව්වා. ඉතින් හෙට කියන දවස ඇවිල්ලා මමයි ගෙදර අයයි උසාවි ගියා, අහ්හ් යන්න ඉස්සෙල්ලා දවසේ ඉන්න හොදම ලෝයර් අංකල්ව අල්ලලා තමයි ගියේ. යසිත නුවන් ද සිල්වා, දෙහිවල පොලීසිය , බී නයින්ටීන් කේස් එක කියල කියනවා ඇහුවා. මම දඩබඩ ගාලා ගිහින් විත්ති කූඩුවට නැග්ගා, අනාතයි ඉන්න ඕනේ ජජ් රුචිර වැලිවත්ත මහත්තයා නිවාඩු ගිහින්, ඇක්ටින් ජජ් කෙනෙක් නැගලා. රුචිර සර් එනකන් ඔක්කොම නඩු කල් දානවා, මටත් කිව්වේ නැත්ද දසව් 14ක් රිමාන්ඩ් කරන්න කියලා, කකුල් පන නැති උනා, අම්මගේ ඇස් දෙකේ කදුලු දැකලා මටත් ඇඩෙන්න ආවා. ලොයර් කිව්වා දැන් ඉතින් ඇපීල් එකක් දාලා වැඩේ කලින් කර ගන්න බලමු, ගෙදට ගිහින් අදින්න ඇදුම් අරන් එන්න කියලා තාත්තට, මට ජීවිතේ එපා උනා, හ්ම්ම් තාත්තා අරන් ආපු කොට කලිසම ගහගෙන. ඔන්න උසාවි ඉවරයි.

සිරකරුවෝද මනුෂ්යයෝය කියලත් තියනවනේ, ඔන්න කස්ටියම බන්ධනාගර බස් එකට දානවා පෝලිමට. මමත් ඉතින් පිටිපසෙන් යනවා, අන්තිමට බස් එකට නැග්ගේ මං, ගෙදර කට්ටිය මගේ යාලුවෝ කදුලු පුරෝගෙන බලං ඉන්නවා, හ්ම්ම්ම් කරලා තිබ්බ පව් වලට මොනා කරන්නද විදවනවා ඇරෙන්න. ඔන්න බස් එක යන්න පටන් ගත්තා. ගෙදර අය නොපෙනිලා යනකන් බලන් ඉදලා ඉස්සරහ බලා ගත්තා. මම අන්තිම සීට් එකේ හිටියේ, ඉස්සරහ ඩයක් එකක් ඉදගෙන යනවා, ඌට නිකන් ගෙදර වගේ. පොර මගේ පැත්ත හැරුනා, සිගරට් එකක් පත්තු කරගෙනම. බන්ධනාගාර නිලදාරියෝ පස්සේම ඉදගෙන ඉන්නවා, මූ ලෝඩ් පකීර් වගේ සිගා එක අදින ගමන් මගේන් " මල්ලි මොකෝ සීන් එක කියල ඇහුවා " මම " සිද්දිය කිව්වා" . මූ " අහ්හ් මල්ලි පොඩි කේස් එකක්නේ, මල්ලි මම වැඩිකර සී වාට්ටුවේ, මල්ලි යන්නේ පී එච් (ප්‍රිසන් හොස්පිටල්) නේ මොනාහරි අව්ලක් තියනවනම් පනිවිඩයක් එවන්න, මලි සිගරට් බොනවද කියල ඇහුවා " මටත් දෙයියෝ දුන්නා වගේ ගත්තා, මම වටපිට බලනකොට පොර කිව්වා බය වෙන්න එපා මල්ලි, මල්ලි ගහන්න මෙයාල මොනවත් කියන්නේ නැ කියලා.

ඉතින් ඒක ගහන ගමන් මම ඇහුවා අයියා මොකද්ද සීන් එක කියලා, මූ කියෆිය මල්ලි කුඩු සීන් එකක් මල්ලි කියලා :ඩී :ඔ. මම එතනින් එහා කතා කරේ නෑ, ඔන්න ඉතින් බන්ධනාගාරේට බස් එක ආවා, අයියත් බැස්සා, ආපහු යනවා පී එච් එකට. ඔන්න එතන්ට ආවා.ඔන්න ඉතින් මමත් බැහැ ගත්තා, මගේ කකුල ඩැමේජ් හිංදා මාව පොරක් (සැක-රිමන්ඩ් එකෙක් මම වගේම) අල්ලන් තමයි ගියේ. පිස්සු හැදෙනවා, නේවි එකෙන් තමයි ඇතුල රන් කරන්නේ, ෆට්ට චෙකින් යට ඇදුමේ ඉදලා බලනවා, ඔන්න ඉතින් චෙකින් ඔක්කොම පාස් කරලා මම බන්ධනාගර ඉස්පිරිතාලේ ඇතුලට ආවා.

(දිගටම ලිව්වෝත් කියවන අයට බෝරිං වෙයි නේ? ඒක හිංදා මෙතනින් නවත්ත්න්නම්) ( මතු සම්බන්දයි ආ)

No comments:

Post a Comment