Tuesday, April 12, 2011

එදා සහ අද

එදා, හ්ම්ම්ම්ම් අද වගේ දවසක,


අව්රුද්ද ඔයාලා සමරන්නේ කොහොමද? ගෙදර අම්ම තාත්තා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් වෙලා කොච්චර සතුටින්ද?














ඒත් මම,


අදවගේ දවසක තමයි ඇතුලට (වැලිකඩ) යන්න සිද්ද උනේ. මගේ රිය අනතුරේ ආබාද හින්ද යන්න උනේ රිමාන්ඩ් ස්පිරිතාලේට.  ජීවිතේ පලවෙනි පාරට, අදුරන එකෙක් නෑ, ඇද උඩ ඉන්න කොට එන හැගීම්...
විස්තර කරලා කියන්න අමාරුයි, කව්ද හිතුවේ අලුත් අව්රුද්ද මේක ඇතුලේ සමරන්න වෙයි කියලා. එක එක දේවල් හිතට එනවා,




ඊට ඉස්සෙල්ලා අව්රුද්දේ ඔක්කොම එකතු වෙලා ගෙවල් අස්පස් කරලා අව්රුද්දට ලැස්ති වෙච්ච හැටි, අම්මගේ අතින් කිරිබත් කෑල්ලක් කාපු හැටි, තාත්තගේ කකුල අල්ලලා වැදපු ඒවා, අක්ක අලුතින් අරන් දීපු ඇදුම් ඇන්ද හැටි, කොච්චර නම් සතුටින් සිංහල අව්රුද්ද සැමරුවද ඒවා මතකෙට එද්දි පිස්සු වගේ.


මට මං හැන වගේම තව දුකක් ආවා. ඒ අර නැති වෙච්ච ලමයින්ගේ ගෙවල් වලටත් මොන අව්රුදුද, තමන්ගේ දුව නැති වෙලා ඒ මිනිස්සු කොහොම අව්රුදු කන්නද? හැමදේම වෙන්නේ වෙලාව කියල හිත හදා ගන්නවා ඇරෙන්න කරන්න කිසිම දේයක් නෑ එදා, ඒ අතින් ඒ හිරකාරයෝ රත්තරන්, එක එකා ලගට ඇවිල්ලා හිත හදනවා, මොකද සමර උන්ට මේක නිකන් උගේ ගෙදර වගේ, "මල්ලි බය වෙන්න එපා මල්ලි, ඊලග පාර එලියේ බං. ඕවනම් මොනාද බං" ඒ කිපු ඒවයිම් පොඩ්ඩක් හරි හිත හදන් හිටියා, ඒත් ගෙදර මතක් වෙන එක පොඩ්ඩක් වත් නැවතුනේ නෑ, දවල් ගෙදර ඔක්කොම මාව බලන්න ආවහම මට කදුලු ආවා, 


හ්ම්ම් ඔන්න ඔහොමයි උනේ එදා (ගිය අව් රුද්දේ) අද වගේ දවසක.