Tuesday, April 12, 2011

එදා සහ අද

එදා, හ්ම්ම්ම්ම් අද වගේ දවසක,


අව්රුද්ද ඔයාලා සමරන්නේ කොහොමද? ගෙදර අම්ම තාත්තා අයියලා අක්කලා නංගිලා මල්ලිලා සෙට් වෙලා කොච්චර සතුටින්ද?














ඒත් මම,


අදවගේ දවසක තමයි ඇතුලට (වැලිකඩ) යන්න සිද්ද උනේ. මගේ රිය අනතුරේ ආබාද හින්ද යන්න උනේ රිමාන්ඩ් ස්පිරිතාලේට.  ජීවිතේ පලවෙනි පාරට, අදුරන එකෙක් නෑ, ඇද උඩ ඉන්න කොට එන හැගීම්...
විස්තර කරලා කියන්න අමාරුයි, කව්ද හිතුවේ අලුත් අව්රුද්ද මේක ඇතුලේ සමරන්න වෙයි කියලා. එක එක දේවල් හිතට එනවා,




ඊට ඉස්සෙල්ලා අව්රුද්දේ ඔක්කොම එකතු වෙලා ගෙවල් අස්පස් කරලා අව්රුද්දට ලැස්ති වෙච්ච හැටි, අම්මගේ අතින් කිරිබත් කෑල්ලක් කාපු හැටි, තාත්තගේ කකුල අල්ලලා වැදපු ඒවා, අක්ක අලුතින් අරන් දීපු ඇදුම් ඇන්ද හැටි, කොච්චර නම් සතුටින් සිංහල අව්රුද්ද සැමරුවද ඒවා මතකෙට එද්දි පිස්සු වගේ.


මට මං හැන වගේම තව දුකක් ආවා. ඒ අර නැති වෙච්ච ලමයින්ගේ ගෙවල් වලටත් මොන අව්රුදුද, තමන්ගේ දුව නැති වෙලා ඒ මිනිස්සු කොහොම අව්රුදු කන්නද? හැමදේම වෙන්නේ වෙලාව කියල හිත හදා ගන්නවා ඇරෙන්න කරන්න කිසිම දේයක් නෑ එදා, ඒ අතින් ඒ හිරකාරයෝ රත්තරන්, එක එකා ලගට ඇවිල්ලා හිත හදනවා, මොකද සමර උන්ට මේක නිකන් උගේ ගෙදර වගේ, "මල්ලි බය වෙන්න එපා මල්ලි, ඊලග පාර එලියේ බං. ඕවනම් මොනාද බං" ඒ කිපු ඒවයිම් පොඩ්ඩක් හරි හිත හදන් හිටියා, ඒත් ගෙදර මතක් වෙන එක පොඩ්ඩක් වත් නැවතුනේ නෑ, දවල් ගෙදර ඔක්කොම මාව බලන්න ආවහම මට කදුලු ආවා, 


හ්ම්ම් ඔන්න ඔහොමයි උනේ එදා (ගිය අව් රුද්දේ) අද වගේ දවසක.

Thursday, March 17, 2011

අදුරු අතීතය ( 2 කොටස )

"කොටා" මචන් කලබල වෙන්න එපා, උඹත් එක්ක ගිය ශ..., හසි..... (ගෑනු ලමයි ) (ඔෆීසියෙ මගෙ හොදම යාලුවො ) නෑති උනා බන්
"මම" අඩෝ සිරාද? වරෙන් යන් එහෙනම්
"නෑ නෑ උඹ ගියාට වෑඩක් නෑ, ශ... මුස්ලිම් හින්ද බොඩි එක ගෑනිච්චා, දවසින් කරන්න ඕනෙ හින්ද, අනිත් බොඩි එක තාම චෙක් කරනව


මට උන් හිටි තෑන් අමතක උනා, මම හින්ද නේද මගේ හොදම යාලුවො දෙන්නෙක් මට නෑති උනේ,අදත් මම කරපු වෑරෑද්දට මම දුක් විදිනවා, එ පොලීසියෙන් නෙමේ, මගෙ හිතින් මම  වෑරදි කාරයා, හ්ම්ම්...



මම මොකද කරන්නෙ දෑන්, මම මෑරුනත් ඒ ජීවිත ආපහු එයිද? මම ජීවත් වෙලා ඒ අයට පින් දෙනවද, මට මෙලෝ මගුලක් තෙරෙන්නෙ නෑ. ඒ අස්සෙ මම ඈවිදින්න බලනකොට මට ඈවිදින්නත් බෑ, කකුල ඩෑමෙජ් වෙලා, මට හිතුන මුන් දෙන්නත් මේ වගේ බේරුනානම් මොකද ඈයි මුන් දෙන්නව විතරක් නෑති උනේ, එක්කො ඒ එක්කම මාවත් ගියානම් ඉවරයිනෙ
(කියන්න මතක නෑති උනා, මත් එක්ක ගිය අනිත් ගල්ස්ලා 2න්න ICU එකෙ, කොල්ලො දෙන්න ශේප්) ( මේක ලියන මොහොත වෙනකොට ඒ අයටත් අව්ලක් නෑ දෑන්)


ඒ මදිවට ඔන්න ඈදේ ඉන්නකොට "කොටා" කියපි, මචන් යසියා පොලීසියෙන් එනව කට උත්තරේ ගන්න උඹ මොනවත් කියන්න යන්න එපා කියලා. මට මේ මෙලෝ රහක් නෑතුව ඉන්නවා. මූ මගුල් පොලීසියක් ගෑන කියවනවා. (ඒත් ඌ කියපු එක ගෑනත් බයක් ආවෙ නෑතුව නෙමේ. එතනින් එහා ස්පිරිතාලෙදි සිද්ධ වෙච්ච දේවල් කියන්න යන්නෙ නෑ, මොකද මගේ නඩුව තාම අහන හින්ද :ඩී)

හ්ම්ම් මම හොස්පිට්ල් එකෙන් යද්දි වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි. මට කරන්න දෑයක් ඉතුරු වෙලා නෑ, 


හ්ම් ඔන්න ඔහොමයි උනේ, සාමන්යෙන් ඔහොම දෙයක් උනාට පස්සේ ඊට පස්සේ කෙලින්ම යන්න ඕනෙ පොලීසියට ඒත් මම ගෙදර ගියේ ( කොහොමද කියල අහන්න එපා) . ගෙදර ගිහින් සති 2ක් විතර ගෙදරට වෙලා හිටියා, ඔෆිස් එකේ 3 දෙනෙක් ඈරෙන්න එකෙක් ආවෙ නෑ , ඔන්න යාලුවෝ, හෑබෑයි උන්ට තරහ යන එකත් සාධාරණයි එක පෑත්තකින්. මට උන් ආවත් එකයි නෑතත් එකයි, බොක්ක වගෙ හිටිය නුගෙගොඩ මම අශ්‍රය  කරන මගෙ යලුවො ටික මත් එක්කම හිටියා. ( ඩිලා, බාලේ, කොටා, ඔස්කා, රව්ෆ්, පබා, උදානි,ගයාන් මගෙ ලගින්ම ඉදලා මට උදව් කරපු සෙට් එක )


දෑන් තමයි ඔයගොල්ලට හොදම ටික කියන්න ගන්නෙ, "වෑලිකඩ ආතල්" මදක් ඉවසන්න.

අදුරු අතීතය !!!

හ්ම්ම් මතක් කරන්නවත් කෑමති නෑති දෙයක්, ඒ උනාට මතක් වෙනව,
(ඉස්සෙල්ලම කියන්න ඔනෙ මේක මම කියන 1ස්ට් මොකද්ද එක. එක හින්ද කියවන්න බෑරිම, චා නම් ප්‍රර්යිවට් එකෙ කියෆන් හොදේ)



මෙන්න මේකයි සිද්ධිය,  


ඔන්න එකොමත් එක රටක, හික්ස්, මෙ රටේ "මම" කියන පුද්ගලය ගියා ඔෆීසියෙ පාර්ටි එකකට, එදා තමයි දවස, කෙටියෙන් කියමුකො. පාටි එකෙන් එනව විතරයි මතක. ඈහෙරෙනකොට හිටියෙ කලුබොවිල හොස්පිටල් එකේ දෑඩි සත්කාර එකකයේ.

හ්ම්ම් හවස මාරු කරා නොර්ම්ල් වොඩ් එකකට, මම නිදි. ඈහෑරුනා. මගෙ හොදම ෆිට් එක (කොටා) මගෙ ලග. ඔන්න දෙබස
"මම" මචන් මොකො උනේ, මම මෙහෙ මොකො
"කොටා" යකො උඹ අර මගුලට හිගින් එද්දි කාර් එක හප්පිලා
"මම" මල (පීප්)..... මම නේද ඩ්‍රයිව් කරේ? කො කාර් එකේ ආපු අනිත් උන්?

"කොටා" උන් අව්ලක් නෑ
"මම" ඉතින් ප..(පීප්) කො උන්, කව්ද තව මාත් එක්ක ආවෙ?
"කොටා" (නම් ටික... කෙල්ලො 4 දෙනයි, කොල්ලො 3දෙනයි )
"මම" ම්ම් හරි


ඊට පස්සෙ කදුලක් වගේ ආව හින්ද ඈහෑ ලගට අත ගෙනිච්චාමයි තෙරුනෙ, ඈහෑ ලග ඉදල කන ලගටම මෑහුම් දාල මගෙ

ඒකත් කමක් නෑ කියමුකො, මට නින්ද ගියා, එලිවෙන ජාමෙ 2 ට විතර ඈහෙරුනා, ඒත් "කොටා" මගෙ ලග, ඌ මගෙ දිහා බලන් ඉන්නව, මම උගෙ දිහා බලන් ඉන්නවා, ඔහොම ඉන්නකොට ඌ එක පාරටම මගෙ අත හයියෙන් අල්ල ගත්තා. මම ඈහුව ඈයි කියලා,
"කොටා" මචන් දෙයක් කියන්නම්, උඹ කලබල වෙන්න එපා
"මම" කියපන් මොන හු........(පීප්) වෙලා තියෙන්නේ? (මොකක් හරි වෙලා තියෙනව කියල යන්තමින් වගේ තෙරුනා)


(මතු සම්බන්දයි )